සමලිංගික තරුණිය
පොලිසියට එරෙහිව නඩු දමයි..!
23 හැවිරිදි තරුණියක්, ලිංගිකත්වය මත පදනම්ව පොලිසිය විසින් තමන් වෙනස් කොට සැලකීමට ලක්කළ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම නඩුවේ දී ඈ ආරක්ෂක ඇමති, පොලිස්පති සහ නීතිපති වග උත්තරකරුවන් බවට පත්කර සිටියි.
තරුණිය තමන් සමලිංගික තැනැත්තියක් බව පිළිගනියි.
ඒ පිළිබදව ඈ සිය දෙමාපියන් දැනුවත් කළ විට ඇගේ දෙමව්පියන් ඇයට කෲර ලෙස සලකා තිබේ. අවසානයේ ඈ මහබාගේ පොලිසියට ගොස් දෙමව්පියන්ට එරෙහිව පැමිණිලි කර තිබෙන අතර පොලිසිය පැමිණිල්ල අපක්ෂපාතීව විභාග කරනවා වෙනුවට තමන්ගේ ලිංගිකත්වය මත පදනම් වී තමන් වෙනස් කිරීමකට ලක්කළ බව ඈ චෝදනා කරයි.
පොලිසිය ඇගේ සමලිංගික නැඹුරුතාව පිළිබදව තොරතුරු සොයා ගැනීම සදහා ඇගේ ජංගම දුරකථනය සහ පරිඝනකය ඔවුන් භාරයට ගෙන තිබේ.
ඊට අමතරව පොලිසිය, ඇය මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට උත්සාහ දරා ඇති අතර ඉන් පසුව ශාරීරික පරීක්ෂණයක් සදහා ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට ද උත්සාහ දරා තිබේ.