ලොතරැයි ගහන කඩදාසිය
නිෂ්පාදනය කරන්නේ වාලච්චේනේ.
විමල් වීරවංශ.
ඒක වෙන්ඩ බෑ.
සමහරවිට වාලච්චේනේ මේ වෙද්දී වහලත් ඇති.
ධම්මික පෙරේරා.
කඩදාසි ආනයනය සදහා අවශ්‍ය ඩොලර් හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි මුද්රණය සදහා අවශ්‍ය කඩදාසිය නිෂ්පාදනය කරන්නේ වාලච්චේනේ කඩදාසි කර්මාන්ත ශාලාව තු-ළ යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා තිබුණි. ඒ පසුගිය අගෝස්තු 16 වන දා දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ 360 වැඩ සටහනට සහභාගී වෙමිනි.
තමන් අමාත්‍යවරයාව සිටියදී කඩදාසි සංස්ථාවේ සභාපති ධූරය සදහා එහෙයියෙක් නොවන සැබෑ දක්ෂයෙක් පත් කළ බවත් කඩදාසි සංස්ථාව මේ දියුණුව ලබා ඇත්තේ එවැනි සුදුස්සන්ගේ කැපවීම මත යැයිද ඔහු පැවසී ය.
ඒ නමුත් විමල් වීරවංශ මහතාගේ ඒ ප්‍රකාශය පිළිබදව ඊයේ දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී වූ ධම්මික පෙරේරා මහතා සැක පල කළේ ය.
ඔහු කියා සිටියේ ලොතරැයි පත් මුද්රණය සදහා සුදුසු ආකාරයේ ගුණාත්මක භාවයෙන් ඉහළ කඩදාසි නිෂ්පාදනය කිරීමේ හැකියාව වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට තිබේ යැයි සිතිය නොහැකි බවයි.
එමෙන්ම බොහෝ විට මේ වන විට වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව වසා දමා තිබිය හැකි බවද ඔහු පැවසී ය.