‘සමාජ මාධ්‍යයේ සංසරණයවන පුවත අසත්‍යයක්..!’ මල්ෂා කුමාරතුංග කියයි.

0
1148

‘සමාජ මාධ්‍යයේ සංසරණයවන පුවත
අසත්‍යයක්..!’
මල්ෂා කුමාරතුංග කියයි.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිළධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ දී තමා අත් අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව මල්ෂා කුමාරතුංග පවසයි.

සමාජ මාධ්‍යයේ ප්‍රචාරයවන පුවතින් වාර්තා කර තිබුණේක-ුෂ් යන නමින් හදුන්වන මත්ද්‍රව්‍ය කිලෝ දෙකක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටිය දී මල්ෂා කුමාරතුංග අත් අඩංගුවට පත්ව ඇති බවයි.

එම අවස්ථාවේ දී ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබද අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු පැමිණ පොලිස් නිළධාරීන්ට තර්ජනය කර මල්ෂා මුදාගෙන ඇති බවටද වාර්තා විය.

සමාජ මාධ්‍යයේ පැතිරෙන මෙම පුවත අසත්‍යයක් බව මල්ෂා කුමාරතු-ංග ප්‍රකාශ කර ඇති අතර හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එය තමන්ට එරෙහිව කිසියම් පාර්ශ්වයක් විසින් දියත් කර තිබෙන මඩ ප්‍රහාරයක කොටසක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =