“සමාවදීමේ ගුණය මත පිහිටා
යහපත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නේ කෙසේදැයි
සොයා බලන්න…!”
අජාන් බ්‍රහ්මවංසෝ හිමි පවසයි.
සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබුණු ගුවන් යානය මගහැරී, පැය දොළහකට ආසන්න කාලයක් ගුවන්තොටුපල ප්‍රභූ මගී පර්යන්තයේ රැදී සිටීමට සිදු වීම සම්බන්ධයෙන් අජාන් බ්‍රහ්මවංසෝ හිමි අදහස් දක්වා තිබුණි.
පළමුකොටම, තමන් වහන්සේට අදාල ගුවන් යානය මග හැරුනේ කෙසේදැයි යන්න පිළිබදව විමර්ශනයක් සිදුකොට ඊට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කිරීමට අ දාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී තිබෙන නියෝගය සම්බන්ධයෙන් උන්වහන්සේ සිය අදහස ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, උන්වහන්සේ කියන ආකාරයට, තමාට සිදු වූ ප්‍රමාදය පිළිබදව සොයා බැලීම කළ යුතු එතරම් වැදගත් දෙයක් නොවේ.
ඒ වෙනුවට, සමාව දීමේ ගුණය මත පිහිටා යහපත් රටක් ගොඩ නගන්නේ කෙසේද යන කාරණය පිළිබදව විමර්ශනය කිරීම වඩාත් යෝග්‍යය බව උන්වහන්සේ යෝජනා කරයි.
එමෙන්ම අත්වැරදීම් සම්බන්ධයෙන්ද උන්වහන්සේ අපූරු අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
උන්වහන්සේ පවසන ආකාරයට, අත්වැරදි සිද්ධ කිරීමට මිනිසුන්ට ඉඩ දිය යුතුය. එවිට අත්වැරදීම් සිදුවනවාට ඇති බිය මිනිසුන්ගෙන් පහව යති. බිය පහවගිය විට, මිනිසුන් අතින් අත්වැරදි සිද්ධ නොවේ.
තමන්වහන්සේට අදාල ගුවන් යානය මග හැරුණේ ප්‍රභූ පර්යන්තයෙන් යාමට සිදු වූ නිසා යැයි උන්වහන්සේ පවසයි. සාමාන්‍ය මගියෙකු ලෙස ගියානම්, ගුවන් යානය මග නොහැරෙන බව පවසන උන්වහන්සේ, කිසි දිනෙක ප්‍රභූ වරයෙකු නොවන්න යැයිද පවසයි.
“කිසි දිනෙක ප්‍රභූ වරයෙකු නොවන්න… ප්‍රභූවරයෙකු වුවහොත් ඔබ පරාජයට පත් වේ.”
උන්වහන්සේ සුපුරුදු සිනහවෙන්ම පවසයි.