සරත් වීරසේකර නිහඬයි. කටාර් චැරිටි ඊයේ සිට යළි මෙරට මෙහෙයුම් කටයුතු අරඹයි. ඩොලර් මිලියන 11.7 ක මානුෂික ආධාරත් ලබා දෙයි.

0
260

සරත් වීරසේකර නිහඬයි.
කටාර් චැරිටි ඊයේ සිට යළි මෙරට මෙහෙයුම් කටයුතු අරඹයි.
ඩොලර් මිලියන 11.7 ක මානුෂික ආධාරත් ලබා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත්කරන ලද කටාර් චැරිටි නම් වූ පුන්‍යායතනයේ ශ්‍රී ලංකා ශාකාව යළි ඊයේ දිනයේ දී විවෘත කර තිබේ.

එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද සරත් වීරසේකර, කටාර් චැරිටි තහනම් කිරීම සදහා කටයුතු කළ අතර එම සංවිධානය ත්‍රස්තවාදය සදහා අනුබල දෙන සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

කටාර් චැරිටි ආයතනයේ මූල්‍ය අනුග්‍රහය, සේව්ද පර්ල් නම් තවත් සංවිධානයකට ලබා දී ඇති බව එවකට වාර්තා වූ අතර, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා, එකී සේව්ද පර්ල් සංවිධානය හා සම්බන්ධ බවට චෝදනා කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන, දීර්ඝ කාලයක් රදවාගෙන සිටියේ ය.

රට බංකොලොත් භාවයට පත් වීමෙන් පසුව සහනදායී පදනමකින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය අමාත්‍ය කාන්චන විජේසේකර, එහිදී, කටාර් චැරිටි සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත්කරන බවට ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් කටාර් චැරිටි සංවිධානය යළි මෙරට ත-ුළ මෙහෙයුම් කටයුත-ු අරඹා ඇති අතර 2023 වසර සදහා ඇමරිකානු ඩොලර් මිලියන 11.7 ක මානුෂීය ආධාර ලංකාවට ලබා දීමටද කටයුත-ු කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =