සර්වපාක්ෂික රජයක් සදහා ජනපති සජබ සාකච්ඡ අවසාන එකගතාවයකින් තොරව අවසන් වේ.

0
526

සර්වපාක්ෂික රජයක් සදහා
ජනපති සජබ සාකච්ඡ
අවසාන එක`ගතාවයකින් තොරව අවසන් වේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනය මත අද පැවති සාකච්ඡුාවේ සාරාංශය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා ට්වීටර් පණිවිඩයකින් දැනුම් දී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා සමග වූ සාකච්ඡුාව ආරම්භයේ දී ම සමගි ජන බලවේගය විසින් පහත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
අත් අඩංගුවට ගෙන සිටින අරගලකරුවන් නිදහස් කිරීම,
අරගලකරුවන් බිය ගැන්වීම සහ අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම් නතර කිරීම සහ
හදිසි නීතිය ඉවත් කිරීම.

ඉන් පසුව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා වූ ආරාධනාව, ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කර තිබේ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ජනාධිපතිගේ යෝජනාවට සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස යහපත් ප‍්‍රතිචාර දක්වා ඇති අතර, තවත් පිරිස් ඒ සම්බන්ධයෙන් සෘණාත්මක ප‍්‍රතිචාරයක් දක්වා තිබේ.

කෙසේ වෙතත්, අර්බුදයෙන් ගොඩ යා හැක්කේ කෙසේදැයි සොයා බැලීමට සියළු පාර්ශ්වයන් එකග වී තිබේ.

ජනාධිපතිවරයාගේ අදහස නම්, අර්බුදයට විසදුම සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම බව මන්ත‍්‍රී වරයා සිය ට්වීටර් පණිවිඩයේ සටහන් කර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික රජය සදහා සජබය සහයෝගය දක්වන්නේ ද නැද්ද යන්න පිළිබදව ස්ථිරාසර තීරණයකට පක්ෂය නොපැමිණ ඇති බවයි පැහැදිලි වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − three =