සර්ව පාක්ෂික ආණ්ඩුවකට රජය සාකච්ඡ අරඹයි.

0
533

සර්ව පාක්ෂික ආණ්ඩුවකට
රජය සාකච්ඡ අරඹයි.
අතීතය අමතක කරන්න සූදානම් බව
විමල් වීරවංශ ජනපතිට ලියයි.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ සාකච්ඡුා රජය ඊයේ දිනයේ සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් ඊයේ දිනයේ දී සිදු විය.

ඊට අමතරව, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණද, සර්ව පාක්ෂික රජයකට සහභාගී වීම සදහා ඇති සූදානම පිළිබදව ඉගි පළ කර තිබේ.

ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන විමල් වීරවංශ මහතා, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිවරයා නිවැරදි මාවත තෝරාගෙන ඇති බව පෙනී යන බවත්, එබැවින්, අවශ්‍ය සහාය ලබා දීමට තම පක්ෂය සූදානම් බවත් දැනුම් දී තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය ආණ්ඩුව සමග සෘජුව සම්බන්ධ වීමට අදහස් නොකරන බව පවසා තිබේ. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කමිටු ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන්නේ නම්, ඒ ඔස්සේ අවශ්‍ය සහාය ලබා දීමට පක්ෂය සූදානම් බව පවසා තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාල සාකච්ඡුා සතියකින් අවසන් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =