සහන නෑ..!
කැසිනෝ අයිතිකරුවන්
ආදායමෙන් 70% ක්
බදු වශයෙන් ගෙවිය යුතුයි..!
කැසිනෝ සදහා කිසිදු බදු සහනයක් ලබා නොදෙන බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, කැසිනෝ අයිතිකරුවන්, ඔවුන් උපයන ආදායමෙන් 70% ක් බදු වශයෙන් ගෙවිය යුතුව ඇතැයි ද පවසයි.
කෝවිඩ් වසංගතය පැවති සමයට අදාලව බදු සහන ලබා දෙන ලෙස කැසිනෝ හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවසන අමාත්‍යවරයා, මේ වන විට ඒ ප්‍රශ්නය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවද පවසයි.
මේ වසරේ කැසිනෝ සදහා නියාමන රෙගුලාසි හදුන්වා දෙන තුරු මෙතෙක් කිසිදු නියාමනයක් ක්‍රියාත්මක නොවී ය.
අළුතින් කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමේ දී වසර පහක කාලයක් සදහා රුපියල් මිලියන පන්සියයක ලියාපදිංචි ගාස්තුවක් අයකරනු ලබයි.