‘සහාය දෙන්න…! නැතිනම් නඩු දමනවා..!’ මහා භාණ්ඩාගාරයට සහ උදව් නොකරන සියල්ලන්ට කොමිසම අනතුරු හගවයි.

0
228

‘සහාය දෙන්න…!
නැතිනම් නඩු දමනවා..!’
මහා භාණ්ඩාගාරයට සහ
උදව් නොකරන සියල්ලන්ට
කොමිසම අනතුරු හගවයි.


මාර්තු නමවන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා සියල්ලන්ගේ සහාය අවශ්‍ය බවත් එසේ නොකරන සියළු පාර්ශ්වය්නට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

විශේෂයෙන්ම මැතිවරණ කටයුතු සදහා පෙබරවාරි මාසයට අවශ්‍ය මුදල ලෙස රුපියල් මිලියන අටසියයක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම මුදල් ලබා දී නොමැති බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයෙන් මීට පෙර ඉල්ලා සිටින ලද රුපියල් මිලියන සියයක මුදල ලැබුණු බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා සිටින්නේ එකවර ලබා දෙන ලෙස නොවේ; කොටස් වශයෙනි.

මීට අමතරව මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සහ මැතිවරණ රාජකාරියේ නියුතු නිළධාරීන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස මැතිවරණ කොමිසම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමද මේ දක්වා ඉටු වී නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =