ස්ටෙෆනී සහ දූෂ්මන්තට පින් සිද්ධ වෙන්න මහාපරිමාණ මිනිස් ජාවාරමක සුලමුල සොයා ගනී. කාන්තාවන් 17 ක් අබුඩාබියේ සිරකරගෙන.

0
1552

ස්ටෙෆනී සහ දූෂ්මන්තට පින් සිද්ධ වෙන්න
මහාපරිමාණ මිනිස් ජාවාරමක සුලමුල
සොයා ගනී.
කාන්තාවන් 17 ක් අබුඩාබියේ සිරකරගෙන.

ස්ටෙෆනී සිරිවර්ධන සහ දුෂ්මන්ත වීරමන් ගේ අප්‍රතිහත කැපවීමත් ඔවුන් දෙදෙනාගේ මනුෂ්‍යත්වයටත් පින්සිදු වන්නට මහාපරිමාන මිනිස් ජාවාරමක සුලමුල සොයා ගැනීමට හැකි වී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට සිද්ධිය සැකෙවින් මෙපරිදි වේ.

ස්ටෙෆනී සහ දුෂ්මන්ත ගේ නිවසේ සේවය කළ කාන්තාවක් ඕමාන් බලා යන බව පවසා සේවයෙන් ඉවත්ව ගොස් තිබේ.

එසේ විදෙස්ගත වූ කාන්තාව තවත් දින කිහිපයකට පසුව ඇගේ දියණිය අමතා තමන් ඇතුළු කාන්තාවන් 17 දෙනෙකු යම් තැනක සිරකරගෙන සිටින බව දැනුම් දී තිබේ. ඔවුන්ගේ ජංගම දුරකථන සහ විදෙස් ගමන් බලපත්‍ර එම පිරිස විසින් බලහත්කාරයෙන් ගෙන ඇති අතර තබාගෙන සිටින දුරකථනයකින් එම කාන්තාව සිය අමතා තිබේ.

දියණිය, ස්ටෙෆනී සහ දුෂ්මන්ත අමතා ඇගේ අම්මා බේරා ගැනීමට උදව් ඉල්ලා තිබේ.

කාන්තාව සිය දියණිය සමග කතා කළ දුරකථනය මාර්ගයෙන් ඈ සිටින්නේ ඕමානයේ නොව අබුඩාබියේ බව ස්ටෙෆනී සහ දුෂ්මන්ත සොයා ගෙන තිබේ.

ඈ විසින් වට්ස්අප් කර තිබුණු අනෙකුත් තොරතුරු අනුව ඕමානයේ රැකියාවකට යවන බව කී එම කාන්තාව කිසියම් පිරිසක් විසින් සංචාරක වීසා මත අබුඩාබියට යවා ඇති බව තහවුරුකරගෙන තිබේ.

එම කාන්තාව මුලින්ම සම්බන්ධ වී ඇත්තේ කටුගස්තොට පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන අතර එම ආයතනය ඇගේ තොරතුරු මරදානේ පිහිටි තවත් විදේශ රැකියා නියෝජිත ආයතනයකට යොමු කර තිබේ.

මරදානේ පිහිටි එම විදේශ රැකියා නියෝජිත ආයතනය – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එම කාන්තාව රෙජිස්ටර් කර තිබෙන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇය රෙජිස්ටර් කර ඇත්තේ ඕමානයේ රැකියා කිරීම සදහා ය.

නමුත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාල කාන්තාව ලියාපදිංචි කිරීමෙන් පසුව, තැරැව්කරුවකු විසින් ගුවන් ටිකට්පතක් ලබා දී එම කාන්තාව ඕමානයට නොව අබුඩාබියට යවා තිබේ.

මේ සියළු තොරතුරු විෂය භාර අමාත්‍යවරයා වන මනූෂ නානායක්කාර මහතාට මේ වන විටත් ලබා දී ඇති අතර ඇමති මනූෂ පොලිසිය භාර අමාත්‍යවරයා දැනුම්වත් කර තිබෙන බවද පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 10 =