‘ස්තිරවම අප්‍රේල් ඡන්දයක් නෑ.
නමුත් නොවැම්බරයේ
ජනාධිපතිවරණයක් ස්තීරයි…!’
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි.
ස්තිර වශයෙන්ම, අප්‍රේල් විසිපස්වන දාට දින නියම කර තිබෙන පලාත් පාලන මැතිවරණය එදිනට නොපැවෙත් වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.
ඒ නමුත්, නිසැක වශයෙන්ම නොවැම්බරයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි ඔහු පවසන්නේ.
පෑලියගොඩ ජයතිලකාරාමයේ පැවති කිසියම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය කල්දැමිම කිසිසේත්ම නොකළ යුතු දෙයක් බව පවසා තිබෙන රාජ්‍ය අමාත්‍යවරයා කෙසේ වෙතත් පලාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවත් ඒ වෙනුවට වසර අවසන් වීමට පෙර, නොවැම්බරයේ දී ස්තිර වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත් පවසයි.