ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ ගොනු කළ පෙත්සම ජූලි 17 වන දා විභාගයට..!

0
313

ස්ථානමාරුවට එරෙහිව
අජිත් රෝහණ ගොනු කළ පෙත්සම
ජූලි 17 වන දා විභාගයට..!


තමාට ලබා දුන් ස්ථානමාරුවට එරෙහිව, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ජූලි 17 වනදා විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

පොලිස්පති ධූරයට පත්වීම සදහා බලා සිටින, එක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වාසි සැලසීමේ අරමුණ ඇතිව, තමන් ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකුට, පොලිසිය භාර අමාත්‍යවරයා විසින් ස්ථානාමරු ලබා දී ඇති බවට චෝදනා කරමින් අජිත් රෝහණ මහතා මෙම පෙත්සම ගොනු කර තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර, පොලිස් මූලස්ථානය විසින් ඔහු නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබුණි.

පොලිස්කොමිසම එම ස්ථානමාරුව බලාත්මක කරන ලෙස නියෝග කර තිබෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 5 =