ස්විස් ගුවන් සේවය
සූරිච් සිට කොළඹ බලා
සෘජු ගමන් අරඹයි..!
ස්විස් ඉන්ටර්නැෂනල් එයාලයින් සමාගම සූරිච් සිට කොළඹ බලා සෘජු ගුවන් ගමන් අරඹා තිබේ.
මගීන් 125 දෙනෙකු රැගත් මංගල ගුවන් යානය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබුණු අතර පැමිණි සංචාරකයන් පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
සතියට එක් වරක් බ්‍රහස්පතින්දා දිනයේ දී සූරිච් සිට කොළඹ බලා ගුවන් සේවය ක්‍රියාත්මක ය.