‘සාක්ෂි ප්‍රමාණවත්.
මොවුන්ට එරෙහිව
නීතිමය පියවර ගන්න..!’
නීතිපති පොලිස්පතිට නියෝග කරයි.
මැයි නම වන දා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතා කරුවන්ට පහර දීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයන්ට අනුව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඩෑන් ප්‍රියසාද්, සමන්ලාල් ප්‍රනාන්දු, වසන්තා හදපාන්ගොඩ, අරාබි වසන්ත, ඇත-ුළුව සැකකරුවන් 33 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් පොලිස්පතිට නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් 33 දෙනා, දණ්ඩනීති සංග්‍රහයේ 314, 316, 343 සහ 300 යන වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට සාක්ෂි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන විමර්ශනයන්ගෙන් පෙනී යන බව නීතිපතිවරයා පවසයි.