සහරාන්ගේ බිරිදට ඇප ලැබී සතියයි…!
සාරා ජැස්මින්ට ඉන්දියාවට පනින්න උදව් කළ
අබු බකර්ටත් ඇප..!
පාස්කු ප්‍රහාරයේ එක් ප්‍රධාන සැකකාරියක වූ සාරා ජැස්මින් නොහොත් පුලස්තිනී රාජේන්ද්‍රන් හට ඉන්දියාවට පලා යාමට උදව් කළ බව කියන පොලිස් පරීක්ෂක අබු බකර් ඇප මත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අබු බකර් අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 වසරේ ජූලි මාසයේ 13 වන දා ය.
අබු බකර්, සාරා ජැස්මින් නමැති සැකකාරිය, සහරාන්ගේ බිරිද ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් දිනයේ දී සිය ජීප් රථයේ නංවාගෙන ගිය බවට සාක්ෂි ලැබී තිබුණු අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබුනේ ඒ සම්බන්ධයෙනි.
පසුගිය පහළොස්වන දා හෝ ඊට ආන්න දිනයක දී සහරාන්ගේ බිරිද වූ හාදියා නමැති සැකකාරිය කල්මුනේ මහාධිකරණයෙන් ඇප ලබා ගත්තා ය.