‘සාරා ජෙස්මින් මියගියාද..?’ අප්‍රේල් සිරුරු කොටස් ගොඩ ගත්තද තහවුරු කර ගැනීමේ රස පරීක්ෂණය තවමත් සිද්ධ කර නෑ.

0
252

සාරා ජෙස්මින් මියගියාද..?
අප්‍රේල් සිරුරු කොටස් ගොඩ ගත්තද
තහවුරු කර ගැනීමේ රස පරීක්ෂණය
තවමත් සිද්ධ කර නෑ.


පාස්කු ප්‍රහාරයේ බොහෝ රහස් දන්නා බවට සැකකරන සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැති කාන්තාව සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මිය ගියාද නැද්ද යන්න තහවුරු කර ගැනීම සදහා – තෙවන වරටත් සිදු කිරීමට නියමිතව තිබුණු රස පරීක්ෂණය මේ දක්වා සිදුකර නැති බව සති අග අරුණ පුවත්පත වාර්තා කර සිටියි.

ඊට හේතුව වී ඇත්තේ එම රස පරීක්ෂණය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මෙරට තුණ නොමැති වීම බවද පුවත්පත පවසයි.

අදාල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසේ ශරීර කොටස් පසුගිය අප්‍රේල් මාසයේ දී යළි ගොඩගනු ලැබී ය.
සාරා ජැස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරකයෙකු වූ මොහොමඩ් හස්තූන් නමැති අයගේ බිරිදයි.

මොහොමඩ් හස්තූන් කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කරන ලද පුද්ගලයා ය.

පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව 2019 අප්‍රේල් මාසයේ 16 වන දා සායින්දමරුදු ප්‍රදේශයේ සහරාන් ඇතුළු කල්ලියට අයත් ආරක්ෂක නිවස්නක සිටි තවත් 17 දෙනෙක් මිය ගිය අතර සාරා ජැස්මින් ඒ මියගිය අය අතර සිට නැති බව පළමු ඩීඑන්ඒ පරීක්ෂණ මගින් තහවුරු විය.

සහරාන්ගේ බිරිද නාදිය සහ ඇගේ දරුවා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ ද ඒ අවස්ථාවේ දී ය.
පසුව වාර්තා වූ වේ සාරා ජැස්මින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගිය බවකි.

සාරා ජැස්මින්ට සිදු වූවේ කුමක්ද යන්න තවමත් අභිරහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − thirteen =