‘සාලිය පීරිස් මහතාගේ ආරක්ෂාව තහවුරු කරන්න..!’ නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

0
398

‘සාලිය පීරිස් මහතාගේ
ආරක්ෂාව තහවුරු කරන්න..!’
නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස, නීතීඥ සංගමය, පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

සාලිය පීරිස් මහතාගේ කාර්යාලය ඉදිරියේ කිසියම් පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා ඇති අතර ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නීතීඥ සංගමය ඉල්ලා ඇත්තේ එම කරුණ සැලකිල්ලට ගනිමිනි.

නීතීඥවරයෙකු ලෙස සාලිය පීරිස් මහතා පෙනී සිටින සේවාදායකයෙකු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළ උද්ගත වී තිබුණි.

ඔහුගේ කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයට හේතුව එයයි.

සාලිය පීරිස් මහතාගේ වෘත්තීය රාජකාරීවලට බාධා ඇති වීම වළක්වන ලෙසත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් නීතීඥ සංගමය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =