‘සාෆී ගැන විමර්ෂණ
සෞඛ්‍ය අමාත්‍යංශය මග හැරියා..!
මෙච්චර දවසක් මං කතා නොකලේ
මාත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක්
වෙලා හිටපු නිසා.’
චන්න ජයසුමන.
සාෆී ෂිහාබ්දීන්ගේ දියණිය ඉහළ ප්‍රතිඵල සහිතව සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමත් සමග නැවත ඔහු පිළිබද සංවාදය කරලියට පැමිණ තිබේ.
පසුගිය සදුදා දිනයේ දී දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ මහාචාර්චන්න ජයසුමන ඈ ලබා ගත් විශිෂ්ඨ ප්‍රතිඵල වෙනුවෙන් වෛද්‍ය සාෆී ෂිහාබ්දීන්ගේ දියණියට සිය සුබ පැතුම් එක් කලේ ය.
ඒ නමුත් ෂාෆී ෂිහාබ්දීන් ඔහුට එල්ල වූ චෝදනාවන්ට තවමත් නිවැරදි කරු වී නැතැයි ඔහු පැවසී ය.
ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිසි පරිදි පරීක්ෂණයක් පවත්වා නැති බවට චෝදනා කළ මහාචාර්යවරයා තමන් මේ තාක් නිහඩව සිටියේ තමන්ද සෞඛ් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි නිසා යැයි ද පැවසී ය.
ෂාෆී වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය නොකරන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් එරෙහිවද විමර්ෂණයක් පැවැත්වි යුතු යැයි මහාචාර්යවරයා තව දුරටත් යෝජනා කළේ ය.
එමෙන්ම ෂාෆී ෂිහාබ්දීට පක්ෂව සමාජ මාධ්‍යයේ පළවන ප්‍රවෘත්ති ඩොලර් දහස් ගණනින් ගෙවා ප්‍රවර්ධනය කරන ලද ඒවා බවද මහාචාර්යවරයා පවසයි.
..