“සැප්තැම්බරයේ අයි.එම්.එෆ් ප්‍රගතිය;
මූල්‍ය විනිවිද භාවය
සහතික කිරීමට අදාල කොන්දේසිවල
ප්‍රගතිය අන්තිමයි..!”
වෙරිටේ රිසර්ච්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, ශ්‍රී ලංකාවට අදාලව, සැප්තැම්බර් මාසයේ අග වන විට සපුරාලිය යුතු ඉලක්ක 71 ක් ලබා දී තිබෙන අතර, එම ඉලක්ක 71 න් මේ දක්වා සපුරා ඇත්තේ ඉලක්ක 49 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
වෙරිටේ රිසර්ච් වාර්තා කරන ආකාරයට, මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමෙන් පසුව, සැප්තැම්බර් මාසය වන විට, කාර්යසාධනය සහ විනිවිදභාවය යන දෙඅංශයෙන්ම, ලංකාව එහි පහළම ස්ථානයට පැමිණ තිබේ.
සැප්තැම්බර් අගවන විට සපුරාලිය යුතු කෝන්දේසි අතරෙන් 30% කම කාර්ය සාධනය කවර මට්ටමක පවතීදැයි හෙළිදරව් කරගත නොහැකි බව වෙරිටේ රිසර්ච් පවසයි.
එමෙන්ම විනිවිදභාවය සහතික කිරීම සදහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර තිබෙන කොන්දේසි හතරෙන් තුනක්ම ඉටු කිරීමට රජය අපොහොසත්ව තිබේ.
ඒ අනුව, විනිවිද භාවයට අදාලව ගත් විට, ද්විත්ව ආකාරයේ අපොහොසත් භාවයකින් ශ්‍රී ලංකාව පෙළෙන බව පෙනී යයි.
පළමුව, එය ඉටු කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් අත්පත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබදව තොරතුරු නොසපයයි. දෙවනුව, රජයේ විනිවිද භාවය ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කොන්දේසි මග හැර යයි.
අගෝස්තු මාසයේ දී 20% ක් ලෙස පැවති, නොදන්නා තත්ත්වයන් සහිත කැපවීම් සංඛ්‍යාව, සැප්තැම්බරයේ දී 30% දක්වා ඉහළ ගොස් තිබේ.
විනිවිදභාවය සහතික කිරීම සදහා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙන බොහෝ කොන්දේසි මෙතෙක් රජය ඉටු කර නැත.
ඒ අතරින්, එකක් වන්නේ, රාජ්‍ය ගිනුම් දෙපාර්තමේන්තුවට පවරා ඇති වගකීමකි. එනම්, ඊළඟ මාසයේ තුන්වන ව්‍යාපාරික දිනයේ දී, ගෙවුණු මාසයට අදාල ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමයි.
අනෙක් ප්‍රධාන කොන්දේසියක් වී තිබුණේ, මූල්‍ය විනිවිද භාවය සහතික කිරීම සදහා මාර්ගගත වේදිකාවක් (ඔන්ලයින් ෆ්ලැට්ෆෝර්ම්) නිර්මාණය කිරීමයි.
මෙම මාර්ගගත වේදිකාව ගොඩ නැගීම මාර්තු මාසයේ දී අවසන් කළ යුතුව තිබුනත්, මේ දක්වා එය සිදු කර නැත.


