සැප්තැම්බරයේ
ඇගළුම් අපනයන ඉපයුම්
26%කින් පහතට..!
පසුගිය වසරේ සැප්තැම්බරය හා සසදා බැලීමේ මේ සැප්තැම්බරයේ, ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම 26%කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මේ සැප්තැම්බරයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 332 කි.
මේ සැප්තැම්බරයේ දී එක්සත් ජනපදයට කරන ලද ඇගළුම් අපනයනය 34.37% කින් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 122 දක්වා පහත වැටී තිබේ.
මේ සැප්තැම්බරයේ දී යුරෝපා සංගමයට කරන ලද ඇගළුම් අපනයනය ද පසුගිය වසරේ සැප්තැම්බරය හා සසදා බැලීමේ දී 24.54% කින් පහත වැටී තිබේ.
එක්සත් රාජධානියට සහ අනෙකුත් රටවලට කරන ලද ඇගළුම් අපනයනය ද මේ සැප්තැම්බරයේ දී 4.61% කින් පහත වැටී තිබේ.
