සැප්තැම්බරයේ දී ජපාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි…!

0
161

සැප්තැම්බරයේ දී
ජපාන අග්‍රාමාත්‍යවරයා
දිවයිනට පැමිණෙයි…!


ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එළැඹෙන සැප්තැම්බරයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා සමග ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක්ද පැමිණීමට නියමිත ය.

මීට අමතරව, චීන සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් ද සැප්තැම්බරයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව පැවසේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා සහ චීන සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත පිරිස මෙරට ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලංකාවට ලබා දීමට නියමිතව ඇත්තේ එළැඹෙන නොවැම්බරයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =