සැප්තැම්බරයේ මුල් සති තුනට
සංචාරකයන් 21000 ක් ඇවිත්.
සැප්තැම්බර් මාසයේ මුල් සති තුන තුළ සංචාරකයන් විසි එක් දහසක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
සැප්තැම්බර් පළමුවනැනි දා සිට 21 වන දා දක්වා මෙරටට ඇතුළු වී තිබෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව 21068 කි.
මේ අනුව දෛනිකව දහස ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාවක් දිවයිනට පැමිණේ.
සැප්තැම්බර් මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
දෙවන වැඩිම පිරිස එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනියට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ටේ්‍රලියාවෙනි.