සැප්තැම්බරයේ සංචාරකයෝ 111,000 ක් පැමිණෙති.

0
143

සැප්තැම්බරයේ සංචාරකයෝ
111,000 ක් පැමිණෙති.
මුල් මාස නමයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.01 යි.
පසුගිය වසර හා සැසදීමේ දී එය
276% ක වැඩිවීමක්.
2018 හා සැසදීමේ දී 25% ක් පහතින්.

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 111,938 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එය, සැප්තැම්බරයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ සංචාරකයන් සංඛ්‍යාවට වඩා අඩු අගයකි.

සැප්තැම්බරයේ දී සංචාරකයන් 120,201 ක් පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍යංශය ගණන් බලා තිබුණි.

වසරේ පළමු මාස නමය තුළ රට තුළට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.01 කි.

පසුගිය වසරේ මුල් මාස නමය හා සසදා බැලීමේ දී එය 276% ක වර්ධනයකි.

කෙසේ වෙතත්, වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබූ 2018 හා සසදා බැලීමේ දී තවමත් එය 25% ක අඩු අගයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 17 =