සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පනගන්වන්න තවමත් තීරණය කර නෑ..! මෙරට ජපන් තානාපතිවරයා කියයි.

0
159

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
යළි පනගන්වන්න
තවමත් තීරණය කර නෑ..!
මෙරට ජපන් තානාපතිවරයා කියයි.

පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස අත්හැර දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පනගැන්වීමට ජපාන රජය එකග වී ඇති බවට මෙරට ඇතැම් මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර තිබුණ ද එවැනි තීරණයක් මෙතෙක් ජපානය විසින් ගෙන නැති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, Hideaki Mizukoshi මහතා පවසා තිබේ.

මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක ආයෝජනයක් සිදු කිරීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ අනුමැතිය ලැබී තිබුණි.

අදාල ව්‍යාපෘතිය ගෝඨාභය රජය විසින් ඒක පාර්ශ්වීයව අත්හිටුවීමට තීරණය කළ අතර ඒ හා සමග ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝ කාලීන මිත්‍රත්වයටද ඉන් හානි විය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට යළ පන දීමට ජපානය මේ දක්වා එකග වී නැති බව පවසා තිබෙන මෙරට ජපාන තානාපතිවරයා කෙසේ වෙතත්, සියල්ල රදා පවතින්නේ පළුදු මිත්‍රත්වය යලි ගොඩ නගා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය පෙන්නුම් කරන කැපවීම මත බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =