සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමේ ප්‍රතිඵලයක්…! මිට්සුබිෂී සමාගම ලංකාව අතහැර යයි.

0
307

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
අවලංගු කිරීමේ ප්‍රතිඵලයක්…!
මිට්සුබිෂී සමාගම
ලංකාව අතහැර යයි.


කීර්තිමත් ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුත-ු අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළුව ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මිට්සුබිෂී සමාගම මෙසේ ලංකාව අත්හැර යෑමට හේතුවී ඇති බව වාර්තා වේ.

ජපානය සහ ලංකාව අතර පැවති මිත්‍රත්වය බිද වැටී ඇති බවත් එම මිත්‍රත්වය යළි ගොඩ නගා ගැනීම සදහා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමතරව ජපාන සමාගමකින අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අල්ලසක් ඉල්ලූ බවටද චෝදනා එල්ල වී තිබුණු අතර ඒ පිළිබදව සොයා බැලීම සදහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවකින් අමාත්‍යවරයා නිදොස්කොට නිදහස් කර තිබුණි.

නමුත් පාර්ශ්ව රැසක් පවසා තිබුණේ ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලා සිටීමේ සිදුවීමද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් දක්වා උඩු දුවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 3 =