සෑම රාත්‍රියකම මිලියන 828 ක ජනතාවක් කුසගින්නේ නින්දට යති. සෑම වසරකම එක්සත් ජනපදය බිලියන 121 ක් වටිනා ආහාර කුණු බක්කියට දමති.

0
125

සෑම රාත්‍රියකම මිලියන 828 ක ජනතාවක්
කුසගින්නේ නින්දට යති.
සෑම වසරකම එක්සත් ජනපදය බිලියන 121 ක් වටිනා ආහාර
කුණු බක්කියට දමති.

ලෝක ජනගහනයෙන් මිලියන 828 ක පිරිසක් සෑම රාත්‍රියකම ක-ුසගින්නේ නින්දයට යන බව ලෝක ආහාර වැඩසටහන පවසයි. එසේම දැඩි ආහාර අහේනියකට මුහුණ දී සිටින ජනගහනය 2019 වසරේ සිට මේ දක්වා මිලියන 135 සිට මිලියන 345 දක්වා වර්ධනය වී තිබේ.

තත්ත්වය මෙසේ තිබියදීත් ඇමරිකා එක්සත් ජනපදය පමණක් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 121 ක් වටිනා ආහාර කුණු බක්කියට දමන බව වාර්තා වේ.

කෝවිඩ් වසංගතය සහ යුක්රේන රුසියානු අර්බුධය ආහාර හිගයට බලපා තිබේ.

උදව් අවශ්‍ය ජනගහනය අහස උසට ඉහළ නැග තිබුණද තමන් සතුව ඇත්තේ ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

2022 වසරේ දී මිලියන 122 ක ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන 22.2 ක් අවශ්‍යව ඇති බව ලෝක ආහාර වැඩසටහන නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =