“සිංගප්පූරුව වීසා දීර්ඝ කරන්න බෑ කියයි. ගෝඨාභය නැවතත් දිවයිනට. “

0
145

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ඇති වීසා කාලය දීර්ඝ කිරීමට නොහැකි බව සිංගප්පූරු රජය මේ වන විටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතාද, හිටපු ජනාධිපතිවරයා යළි පැමිණීමට නියමිත බව ප‍්‍රකාශ කළේ ය.

හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රජය විසින් වීසා නිකුත් කර තිබෙන්නේ දින 14 ක කාලයක් සදහා පමණි.

පසුගිය ජූලි 14 වන දා, හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව වෙත ගොඩ බැස තිබුණි. යළි වීසා දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් ඔහුට සිංගප්පූරුවේ රැදී සිටීමට අවසර ලැබෙන කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − six =