සිනොපෙක්
ඉන්ධන අලෙවිය අරඹයි.
ඕනෑම වර්ගයක පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක්
රුපියල් තුනක් අඩුවට දෙයි.
මෙරට ඉන්ධන වෙළදාම සදහා පැමිණි චීනයේ සිනොපෙක් සමාගම, සිය මෙහෙයුම්කටයුතු මේ වනවිට අරඹා තිබේ.
ඒ අනුව, සිනොපෙක් පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ විවෘත කර තිබේ.
ලංකා ඛණජතෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් හා සසදා බැලීමේ දී, සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් සෑම වර්ගයකම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් තුනක් මිල අඩුවෙනි.
සිනොපෙක් මෙරටට පැමිණ ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක ආයෝජනයක් ලෙසයි.