සිනොපෙක් වැඩි කළ පසු සිපෙට්කෝ සහ අයි.ඕ.සීත් ඉන්ධන මිල ඉහළ දමයි.

0
226

සිනොපෙක් වැඩි කළ පසු
සිපෙට්කෝ සහ
අයි.ඕ.සීත් ඉන්ධන මිල ඉහළ දමයි.

සිනොපෙක් සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා පැය කිහිපයක් යන්නටත් මත්තෙන්, සිපෙට්කෝ සහ අයි.ඕ.සී සමාගම් ද ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

සිපෙට්කෝ මිල සංශෝධනයට අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල, රුපියල් 365 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420 කි.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 කි.

අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබෙන්නේ ද සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ප්‍රමාණයට සමානව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =