“සිව්වන විනිසුරු වැරදියි..!” මැතිව්ස් අයි.සි.සී යට කියයි.

0
3295

“සිව්වන විනිසුරු වැරදියි..!”
මැතිව්ස් අයි.සි.සී යට කියයි.


ඊයේ සිදු වූ ආන්දෝලනාත්මක දැවී යාම සම්බන්ධයෙන් සිය නොඑකගතාව ප්‍රකාශ කරන ඇන්ජෙලෝ මැතිව්ස්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට සදහා, ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.

මෙහිදී මැතිවුස් පවසන්නේ, සිය දැවී යාම සම්බන්ධයෙන් සිව්වන විනිසුරුගේ විනිශ්චය නිවැරදි නොවන බවයි.

විශේෂයෙන්ම, සිය හිස් වැසුම කැඩී යන අවස්ථාව වන විට, “ටයිම් අවුට්”නීතිය යටතේ දැවී යාමට ලක් වීම සදහා තවත් තත්ත්පර පහක කාලයක් තමන්ට ඉතිරිව තිබුණු බව මැතිව්ස් කියයි.

නමුත් සිව්වන විනිසුරු පවසන්නේ, හිස්වැසුම කැඩී යන අවස්ථාව වන විටත්, මැතිව්ස් ඔහුට නියමිත කාල සීමාවට වඩා මිනිත්තු දෙකක් ප්‍රමාද බවයි.

සිව්වන විනිසුරුගේ එම ප්‍රකාශය මැතිව්ස් ප්‍රතික්ෂේප කරයි.

හිස් වැසුම කැඩී යන අවස්ථාව වන විට, තමන්ට තවත් තත්ත්පර පහක කාලයක් ඉතිරිවී පැවති බව පවසන මැතිව්ස්, සියල්ලටම වඩා ආරක්ෂාව ප්‍රමුඛ බැවින්, හිස් වැසුමක් නොමැතිව පන්දුවට පහර දීමට සූදානම් විය නොහැකි බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =