සිවිල් පුරවැසියන්ට
ජීවිතය බේරාගෙන පලා යෑම සදහා
උතුරු ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර
සෑම දිනකම පැය හතරකට නවතන බව
ඊශ්‍රායලය කියයි.
සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට ඔවුන්ගේ දිවිබේරා ගෙන පලා යෑම සදහා, උතුරු ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර, දිනකට පැය හතරක කාලයකට අත් හිටුවීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජනපද ධවල මන්දිර ප්‍රකාශක, ජෝන් කර්බි, ඊශ්‍රායල රජයේ මෙම තීරණය, ආරම්භයක් ලෙස සැලකිය යුතු තරමේ යහපත් පියවරක් බව ප්‍රකාශ කර තිබේ.
ඔක්තෝබර් හත්වන දා සිට ආරම්භ වූ ගැටුම්වලින් මේ වන විට පලස්තීන ජාතිකයන් 10,812 දෙනෙකු මියගොස් තිබේ. අදාල කාල සීමාව තුළ මියගිය ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 1400 කි.