සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනෑ යැයි කී මිහින්තලා රජමහාවිහාරාධිපතිට මරණ තර්ජන…!

0
454

සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනෑ යැයි කී
මිහින්තලා රජමහාවිහාරාධිපතිට
මරණ තර්ජන…!

දේශපාලනඥයන්ගේ පැත්ත නොගෙන ජනතාවගේ පැත්ත ගෙන කතා කළ නිසා තමන් වහන්සේව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

පසුගිය කාලය තුළ අවස්ථා දෙකකදී උන්වහන්සේ රටේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේ ය.

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ද සහභාගී වී සිටි ඉන් එක් අවස්ථාවකදී එකම පවුලෙන් දෙතුන් දෙනා පාර්ලිමේන්තුව පැමිණීම පිළිබදවද උන් වහන්සේ විවේචනය කළේ ය. එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයාද මන්ත්‍රීවරයෙකු බව උන්වහන්සේ මතක් කළ සේක.

එසේම තරුණයන්ට ඉඩ නොදී මහල්ලන් දේශපාලනයේ අරක්ගෙන සිටීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ විවේචනය කළේ ය.

අනෙක් අවස්ථාවේදී – ජනතාවට මන්ද පෝෂණය බවත් දේශපාලනඥයන්ට එය නොපෙනන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාට අධි පෝෂණය බවත් උන්වහන්සේ පැවසී ය.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණද උන්වහන්සේ ගේ විවේචනයට ලක් විය.

කෙසේ වෙතත් තමන්ව සිරගත කිරීමේ හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට දියත්ව ඇති නමුත් තමන් වහන්සේ ඊට බිය නොවන බවත් උන්වහන්සේ පවසා තිබේ.

දිවයින පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =