සීට් බෙල්ට් එක නොදමා
පසුපස ආසනයේ ගමන් කිරීම වරදක්..!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පවුම් සියයක දඩයක්…!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සූනක් මහතාට ඔහු විසින් මෝටර් රථ ධාවනයේ දී සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් පවුම් සියයක දඩයක් ගෙවීමට සිදුව තිබේ.
ඒ අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ පසුපස ආසනයේ සීට් බෙල්ට් එකක් නොපැළද ගමන් කිරීමේ වරද සම්බන්ධයෙනි.
පසුපස ආසයනයේ ආරක්ෂිත පටි (සීට් බෙල්ට්) තිබේනම් ඒවා පැළද සිටීම අනිවාර්යය අතර අග්‍රාමාත්‍යවරයා එම නීතිය උල්ලංඝණය කර තිබේ.
රජයේ යම්කිසි වැඩසටහනකට අදාල ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා වීඩියෝවකට පෙනී සිට ඇති අතර එම වීඩියෝව පටිගත කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නිල මෝටර් රථයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටින අතරතුරේ දී ය.
ඔහු සීට් බෙල්ට් නොපැළද සිටින බව එම වීඩියෝවෙන් පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර තමන් සිදුකර තිබෙන්නේ වැරැද්දක් බව අග්‍රාමාත්‍යවරයා පිළිගෙන තිබේ.
ඒ අනුව පවුම් සියයක දඩය ගෙවීමට අග්‍රාමාත්‍යවරයා එකගවී ඇති බවයි පැවසෙන්නේ.