සීනි බද්දෙන් මෙදා සැරෙත් විල්මා සමාගමේ කල්ල මරේ…!

0
695

සීනි බද්දෙන්
මෙදා සැරෙත්
විල්මා සමාගමේ කල්ල මරේ…!

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී, සීනි සදහා පනවා තිබුණු ආනයන බද්ද රුපියල් පනහේ සිට සත විසි පහ දක්වා අඩු කළ අවස්ථාවේ ඉන් වාසි ලැබූ බවට චෝදනා එල්ල වූ විල්මා සමාගම, මෙවර සීනි බද්ද සත විසි පහේ සිට රුපියල් පනහ දක්වා වැඩි කළ අවස්ථාවේ දී ද විශාල වාසියක් අත් කරගෙන තිබෙන බව ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය චෝදනා කරයි.

සීනි බද්ද, සත විසි පහේ සිට රුපියල් පනහ දක්වා ඉහළ දමන ලද්දේ ඊයේ දිනයේ දී ය.

ඊට දින කිහිපයකට පෙර, විල්මා සමාගම, දැවැන්ත සීනි තොගයක්, සත විසිපහේ බද්ද යටතේ දිවයිනට ගෙන්වා ඇතැයි හරිනී අමරසූරිය පවසයි.

විල්මා සමාගම ලැබූ අසීමිත වාසිය සම්බන්ධයෙන් කෝපා කමිටුව විශේෂ වාර්තාවක් සකස් කොට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව පවසන මන්ත්‍රීවරිය, මේ දක්වා කිසිවක් ඒ සම්බන්ධයෙන් සිද්ධ වී නැති බවටද චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =