සීනි බද්ද
කිලෝවක් සදහා සත 25 සිට
රු. 50 දක්වා ඉහළට..!
සීනි මිල නගී…!
සීනි කිලෝවක් සදහා ශත විසිපහක් වශයෙන් පැවති ආනයන බද්ද, අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රුපියල් පනහ දක්වා ඉහළ දමා තිබේ.
මුදල් අමාත්‍යංශය විසින් මෙම බදු වැඩි කිරීම සිදු කර තිබේ.
සීනි කිලෝවක් සදහා මීට පෙරද රුපියල් පනහක ආනයන බද්දක් පනවා තිබුණු අතර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී එම බදු මුදල ශත විසිපහ දක්වා පහත හෙළී ය.
ඒ හරහා අති දැවැන්ත පාඩුවක් රජයට සිදු වූ අතර, සීනි කිලෝවක් සදහා පනවා තිබූ බදු මුදල් එසේ පහළ දැමීම හරහා මහා පරිමාණ බදු වංචාවක් සිදු වූ බවට චෝදනා එල්ල විය.
මෙවරද, සීනි කිලෝවක් සදහා අයකරන බද්ද රුපියල් පනහ දක්වා ඉහළ දැමීමට දින දෙකකට පමණ පෙර, කිලෝවක් සදහා සත විසි පහක් වූ බද්ද යටතේ එක්තරා සුප්‍රකට සමාගමක් සීනි මෙට්රික් ටොන් අසූ දහසක ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ඇති බව වාර්තා වේ.
සීනි කිලෝවක් සදහා වූ ආනයන බද්ද රුපියල් පනහ දක්වා ඉහළ දැමීම හේතුවෙන්, සීනි කිලෝවක තොග මිල රුපියල් 300 ත් 325 ත් අතර දක්වා මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව වෙළද පොල ආරංචි මාර්ග පවසයි.