මැයි නම වන දා ගාළුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ට සිදු කළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන්, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදු කරන විමර්ෂණවලදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පෙනී යන්නේ යයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා තිබේ.
ඒ අනුව, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව විමර්ෂණ කටයුතු භාර නිළධාරියා මාරු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා උපදෙස් දී ඇති බව ද වාර්තා වේ.
ඊට අමතරව, දේශබන්ධු තෙන්නකෝන් සම්බන්ධයෙන් සැබෑ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති මහේස්ත්‍රාත්වරයා, ඉන් පසුව,
මැයි නම වන දා ප්‍රහාරය සම්බන්ධයෙන්, දේශබන්ධු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කිරීම පිළිබදව සලකා බලන බවද පවසා තිබේ.