සී.ඩී.ගේ සේවා දිගුව අදින් අවසන්. ජ්‍යේෂ්ඨත්වය අනුවනම්, නිලන්ත, දේශබන්දු සහ ලලිත් පතිනායක පොලිස්පති සටනේ පෙරමුණේ.

0
536

සී.ඩී.ගේ සේවා දිගුව
අදින් අවසන්.
ජ්‍යේෂ්ඨත්වය අනුවනම්,
නිලන්ත, දේශබන්දු සහ ලලිත් පතිනායක
පොලිස්පති සටනේ පෙරමුණේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන දෙවන සේවා දිගුවද අද දිනයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, මේ දක්වා, පොලිස්පති ධූරය සදහා සුදුසු වෙනත් අයෙකුගේ නමත්, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත්ව නැති බව වාර්තා වේ.

ව්‍යවස්ථාදායක සභාවේ සලකා බැලීම සදහා, පොලිස්පති ධූරය සදහා සුදුසු යැයි විශ්වාස කරන අයෙකුගේ නමක් ජනාධිපතිවරයා විසින් විසින් ඉදිරිපත් කළ යුතුව තිබේ.

නමුත් මේ දක්වා ජනාධිපතිවරයා විසින් කිසිදු නමක් ව්‍යවස්ථා දායක සභාව වෙත ඉදිරිපත් කර නැත.

ජ්‍යේෂ්ඨත්වය අනුව සලකා බලන්නේ නම්, මීළග පොලිස්පති ධූරය සදහා තේරී පත්වීමට, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන සුදුසුකම් සපුරා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + eight =