සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක්…?පොලිස්පති ධූරය සදහා වෙනත් සුදුස්සෙක් ජනපති තාමත් නම් කර නෑ.

0
281

සී.ඩී. වික්‍රමරත්නට
තවත් සේවා දිගුවක්…?
පොලිස්පති ධූරය සදහා
වෙනත් සුදුස්සෙක් ජනපති
තාමත් නම් කර නෑ.

මේ මස නම වනදායින් ඔහුට ලබා දුන් දෙවන සේවා දිගුවද නිමවීමට නියමිත, වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

පොලිස්පති ධූරය සදහා සුදුසු අයෙකුගේ නමක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යෝජනා කළ යුතුව තිබෙන නමුත්, තවමත් ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට කිසිවෙකුගේ නමක් ඉදිරිපත් කර නැත.

ඒ අතර, රට තුළ බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ලට හේතුව, අළුත් පොලිස්පතිවරයෙකු පත් නොකර සිටීම බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 6 =