සුදුවෑන් රථයකින් පැමිණ, හිටපු නීතිපති දප්පුලගේ කාර්යාලයෙන් ලිපි ගොනුවක් පැහැරගනී.

0
1208

සුදුවෑන් රථයකින් පැමිණ, හිටපු නීතිපති දප්පුලගේ කාර්යාලයෙන් ලිපි ගොනුවක් පැහැරගනී.

සුදුවෑන් රථයකින් පැමිණි පුද්ගලයෙක්, හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාගේ කොළඹ 07 ලොන්ඩන් පෙදෙසේ පිහිටි කාර්යාලයෙන් ලිපිගොනුවක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සිද්ධ වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 11 වන දා රාත්‍රියේ දී ය.

රාත්‍රියේ හිටපු නීතිපතිවරයාගේ කාර්යාලට ඇතුලු වී තිබෙන අදාල පුද්ගලයා එහි ඇති සියලු ලිපිගොනු අවුස්සා එක් ලිපි ගොනුවක් පමණක් රැගෙන ගොස් ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ අරඹා තිබේ.

ලංකාදීප පුවත්පතේ මුල් පුවත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =