සුධර්මා නෙත්ති කුමාරගේ
මෙහෙකාරිය මිය යාම;
අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් සංඛ්‍යාව
හතර දක්වා ඉහළට.
සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ රාජකුමාරි නම් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන්, වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිළධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර, පසුගිය විසි නම වන දා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ම රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
41 වියැති, මියගිය රාජ් රාජ්කුමාරි නම් කාන්තාව, ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන සුධර්මා නෙත්ති කුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස කටයුතු කර තිබුණු අයෙකි.
වැලිකඩ පොලිසිය භාරයේ සිටිය දී රාජ්කුමාරී මියගොස් තිබුණු අතර, එම මරණය ඝාතනයක් බව අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් තහවුරු කරන ලදී.