සුබාකරන් සහ ජනපති හමුවෙති. නිදහස් කළ එල්ටීටීඊ සිරකරුවන්ට සුබාස්කරන්ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්.

0
551

සුබාකරන් සහ ජනපති හමුවෙති.
නිදහස් කළ එල්ටීටීඊ සිරකරුවන්ට
සුබාස්කරන්ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්.


ද්‍රවිඩ ඩයස්පෝරාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක් වන අල්ලිරාජා සුබාස්කරන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම හමුවේ දී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට ගෙන ඒම පිළිබදවද සාකච්ඡා වී ඇති බව පුවත්පත වාර්තා කරයි.

ඉන් පසුව අල්ලිරාජා සුබාස්කරන් මෑතකදී ජනාධිපති සමාව ලැබූ එල්.ටී.ටී.ඊ සිරකරුවන් මුණ ගැසී තිබේ

ඔවුන් වෙනුවෙන් සුබාස්කරන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නිදහස ලැබූ සිරකරුවන්ට ඔවුන්ගේ ඉදිරි ජීවිතය සැලසුම් කර ගැනීම සදහා යම්කිසි මුදල් ප්‍රමාණයක්ද ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − twelve =