සුසිල් ප්‍රේම්ජයන්තගේ සහ ජනක රත්නායකගේ ඉල්ලීමත් ඉවතට…! උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේත් පැය දෙකයි මිනිත්තු විස්සක් විදුලිය කපයි..!

0
119

සුසිල් ප්‍රේම්ජයන්තගේ සහ
ජනක රත්නායකගේ ඉල්ලීමත් ඉවතට…!
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේත්
පැය දෙකයි මිනිත්තු විස්සක් විදුලිය කපයි..!

අද සිට උසස් පෙළ විභාගය ආරම්භ වන අතර අද දිනයේත් පැය දෙකයි මිනිත්ත විස්සක විදුලි කප්පාදුව සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර, උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ දී විදුලිය නොකපන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර විභාග කොමසාරිස් වරයා ද ලිඛිතව එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් පැවැත් වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ද අද දිනයේ දී විදුලිය කප්පාදු නොකරන ලෙස කොමිසම ලිඛිතව ම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගී කොමිසමේ සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද දිනයේ දී ද පැය දෙකයි මිනිත්තු විස්සක විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − six =