සූරියවැව ජනතාවට බියෙන් නාමල් පලා යයි…!

0
4914

සූරියවැව ජනතාවට බියෙන්
නාමල් පලා යයි…!


සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80%ක් මන්දපෝෂණයට ගොදුරු වී සිටින බව හෙළිවී ඇතැයි පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

අදාල මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් ඉහළ යන මන්දපෝෂණයට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ දී සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් කැදවා තිබේ.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා කැදවා තිබුණු එම සාකච්ඡාව සදහා සහභාගී වීමට සූරියවැව ජනතාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඉඩ දී නැත.

මන්ත්‍රීවරයා එන බව දැන ගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ ජනතාව ඔහුට එරෙහිව විරෝධතාවයක නිරත වී තිබේ.

ජනතා විරෝධය හමුවේ මන්ත්‍රීවරයා ඔහුම කැදවූ අදාල සාකච්ඡාව මගහැර තිබේ.

ලංකාදීප පුවත්පතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − one =