‘සෘජු පීඩනයක් නෑ. නමුත් බාධා රැසකට මුහුණ දෙමින් සිටිනවා.’ මැතිවරණ කොමිසමේ සභාපති.

0
122

‘සෘජු පීඩනයක් නෑ.
නමුත් බාධා රැසකට මුහුණ දෙමින් සිටිනවා.’
මැතිවරණ කොමිසමේ සභාපති.


පළාත් පාලන මැතිවරණය සැලසුම්කර තිබෙන ආදාරයට පවත්වන බව මැතිවණ කොමිසම පසුගිය සිකුරාදා දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීමට හෝ නොපවත්වා සිටීමට තවමත් ආණ්ඩුව කුමන්ත්‍රණය කරමින් සිටින බවට විවිධ පාර්ශ්ව චෝදනා කරයි.

ඒ අතර මැතිවරණය පැවැත්වීමට අදාලව මේ වන විට පවතින තත්ත්වය පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා තිබේ.

එහිදී, මැතිවරණයට පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණයට එරෙහිව කිසිවකුගෙන් සෘජු පීඩනයක් එල්ල වී නැති වුවත් බාධක රැසකට තම්නට මුහුණ දීමට සිදුව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාලව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන අතර එම පෙත්සම්වලදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මේ තත්ත්වය මත, එවැනි එක් නඩුවක් පසුගිය සිකුරාදා දිනයේ කැදවූ අවස්ථාවේ දී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ සේවය ලබා ගැනීමට මැතිවරණ කොමිසමට සිදු විය.

ඊට අමතරව ඇප මුදල් භාර නොගන්නා ලෙස දැනුම් දෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිසාපතිවරුන් වෙත යොමු කර තිබුණු ලිපිය පිළිබදව ද පාර්ශ්වය රැසක් දැඩි විරෝධය පළකර සිටියේ ය.

එය මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සදහා රජය ගත් නිර්ලජ්ජිත පියවරක් ලෙස අර්ථ දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =