සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දීම කැනඩාව හෙලා දකියි. පහර දීමට පැමිණි මැරයන්ගෙන් 6 දෙනෙකු සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
417

සෙල්වරාසා ගජේන්ද්‍රන්ට
පහර දීම කැනඩාව හෙලා දකියි.
පහර දීමට පැමිණි මැරයන්ගෙන් 6 දෙනෙකු
සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

තිලීපන් සමරා ත්‍රීකුණාමලයේ පැවති රැළියකට, ඊයේ දිනයේ දී එල්ල වූ මැර ප්‍රහාරය කැනේඩියානු රජය හෙලා දැක තිබේ.

කැනේඩියානු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ගැරී ආනන්දසංගරී, ප්‍රහාරය හෙලා දකිමින් පැවසූවේ, පොලීසිය බලා සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

තිලීපන් සමරා පැවති රැළිය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් විසිනි. තිලීපන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් වාහන පෙළකට මැර ප්‍රහාරය එල්ල වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ද ප්‍රහාරයට ලක් විය.

මැර පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින බව, කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සල්මා සහීඩ් පවසා තිබුනා ය.

කෙසේ වෙතත්, තිලීපන් සමරා පැවති රැළියට පහර දුන් මැර පිරිසේ හය දෙනෙකු අද දිනයේ දී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේ මස විසි එක් වන දා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =