සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවතත් දයා ගමගේට…?

0
1776

සෙවනගල සීනිකර්මාන්ත ශාලාව
නැවතත් දයා ගමගේට…?

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවතත් හිටපු අමාත්‍ය දයාගමගේ මහතාට ලබා දීමේ සැලසුමක් ඇති බව අයිලන්ඩ් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය රමේශ් පතිරණ මහතාගෙන් ඉවත්කොට, එය, මහින්ද අමරවීර මහතාට ලබා දීමද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව දයාගමගේ මහතාට ලබා දීමේ සැලසුමේ එක් පියවරක් බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව දයා ගමගේ මහතාට ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස රමේෂ් පතිරණ මහතාට ආ යෝජනාව ඔහු දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවත්, එබැවින්, වැවිලිකර්මාන්ත අමාත්‍යංශය ඔහුගෙන් ඉවත්කර මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති බවත් පැවසේ.

මීට පෙරද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව දයා ගමගේ මහතාට හිමිව තිබුණු අතර, පසුව, මහින්ද රාජපක්ෂ යුගයේ දී එය නැවත රජයට පවරා ගනු ලැබිණි.

කෙසේ වෙතත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාභ නොලබන ආයතනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 1 =