‘සෞඛ්‍ය ඇමතිතුමාට මේවා පේන්නේ නැද්ද..?’ රුපියල් 7,000 ක එන්නත රුපියල් 77,000 කට මිල දී ගැනීමට යයි. – රවී කුමුදේශ්.

0
98

සෞඛ්‍ය ඇමතිතුමාට මේවා පේන්නේ නැද්ද..?
රුපියල් 7,000 ක එන්නත
රුපියල් 77,000 කට මිල දී ගැනීමට යයි.
රවී කුමුදේශ්.

ආසියානු සංවර්ධන අරමුදල විසින් වහා මිලදී ගන්නා ලෙස නිර්දේශ කර තිබෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුනක්, එම ඖෂධවල සාමාන්‍ය මිල ගණන් මෙන් දහ ගුණයද ඉක්මවා ගිය මිල ගණනකට මිල දී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් බලධාරීන් කටයුතු කරමින් සිටින බව රවි ක-ුමුදේශ් චෝදනා කරයි.

මෙසේ ඉහළම මිල ගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් වන්නේ එච්.අයි.වී සහ කහ උණ ආසාදිතයන් සදහා භාවිතා කරන ඖෂධ තුනකි.

නොසලකා හැරිය යුතු තරමේ කුඩා තාක්ෂණික කාරණා මතු කරමින්, අදාල ඖෂධ සැපයීම සදහා අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබෙන ලංසුකරුවන් ඉවත් කිරීමට අදාල බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද රවී කුමුදේශ් චෝදනා කරයි.

මෙසේ මිලදී ගැනීමට සූදානම් වන ඖෂධ වර්ග අතර තිබෙන ganciclovir නම් එන්නත, රුපියල් හත් දහසක වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබිය දී සෞඛ්‍ය අමාත්‍යංශය එම එන්නත මිලදී ගැනීමට සූදානම් වන්නේ රුපියල් හැත්තෑ හත් දහසක මිලකට බව ඔහු පවසයි.

එමෙන්ම Linezolid නමැති එන්නත වෙළදපොලේ රුපියල් දෙසීයක් වැනි මිලකට අලෙවි වෙන අතර සෞඛ්‍ය අමාත්‍යංශය එම එන්නත මිලදී ගැනීමට යන්නේ රුපියල් දෙදහස් දෙසීයක මිලකට යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 9 =