හංවැල්ලේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි. කළුතරදී පිහියෙන් ඇන තවත් පුද්ගලයෙක් ඝාතනය කරයි.

0
116

හංවැල්ලේ දී
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි.
කළුතරදී පිහියෙන් ඇන තවත් පුද්ගලයෙක්
ඝාතනය කරයි.


ඊයේ රාත්‍රියේ දී හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

එමෙන්ම මේ දක්වා වෙඩි තැබීමට සිදුකළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමක් සිදුව නැති බවද වාර්තා වේ.

ඊට අමතරව ඊයේ දිනයේ දී කළුතර ප්‍රදේශයේ දී තවත් පුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

එහිදී මියගොස් ඇත්තේ තිස් හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය තැනැත්තා කිසියම් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඝාතනය සිදුකර ඇත්තේ එම කාන්තාවගේ සැමියා විසින් බවත් පැවසේ.

එය පිහි ඇනුමකින් සිදුකර තිබෙන ඝාතනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 19 =