හදිසිනීතිය අභියෝගයට ලක් කරමින්
මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

0
924

හදිසිනීතිය අභියෝගයට ලක් කරමින්
මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!


ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම අභියෝගයට ලක් කරමින්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකාවක වන අම්බිකා සත්කුණනාදන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

හදිසි නීතිය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමාවන බව ඇය පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අම්බිකා සත්කුණනාදන් පවසයි.

හදිසි නීති රෙගුලාසි මගින්, පුද්ගලයන්ට හිමිව තිබෙන භාෂණයේ, රැුස්වීමේ සහ සංචරණයේ නිදහසට සීමා පැනවෙන අතර, පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම සහ ප‍්‍රශ්න කිරීමී සදහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත අසීමාන්තික බලයක් හිමි වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට තහවුරු කර දී තිබෙන අයිතිවාසිකම්, හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් වගකිව යුතු වග උත්තරකරුවන් විසින් කඩකර ඇති බව ඇය පවසයි.

ඒ අනුව, හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම අත්හිටුවන ලෙස ඇය සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වග උත්තර කරුවන් ලෙස නම් කරමින් ඇය පෙත්සම ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =