හදිසි නීතිය පැනවීමෙන්
සංචාරක කර්මාන්තය තවත්
අර්බුදයට යයි.
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට ගත් තීරණය මෙරට සංචාරක කර්මාන්තයට අතිශයින්ම අහිතකර තත්ත්වයක් උදාකරනු ඇති බව වාර්තා වේ.
හදිසි නීතිය පැනවීමත් සමග, ඉදිරි දිනවල දී සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් පහත වැටෙනු ඇති බව ලංකා හෝටල් සංගමයේ සභාපතිවරයා පැවසී යැයි ඬේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.
හදිසි නීතිය පැනවූ පසු, ශ‍්‍රී ලංකාව ගමනාන්තයක් ප‍්‍රවර්ධනය කිරීමට හෝ අලෙවි කිරීමට නොහැකි බවයි ඔහු පවසා තිබෙන්නේ.
එමෙන්ම, මේ සමග, ලංකාවේ සංචාරය කිරීම අවදානම් යැයි විදේශ රාජ්‍යයන් ප‍්‍රකාශ කිරීමේ අවදානමක් ඇති බවද ඔහු පවසා තිබේ.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා, හදිසි නීතිය ඉක්මනින්ම ඉවත් කිරීමට කටයුතු කරනු ඇතැයි සිය සංගමය අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.